සුරකිමු සිරි දළදා සංවිධානයේ චෝදනාව සත්‍ය බව
තහවුරු වේ - දියවඩන නිළමේ සහ බෞද්ධ කටයුතු
කොමසාරිස් අධිකරණය නොමග යවයි.
1931 අංක
19 දරණ විහාර දේවාලගම් ආඥා පනතට අනුව බෞද්ධ විහාර හා දේවාලවල භාරකරුවන්
විසින් සෑම වසරකම මාස හයකට වතාවක් අර්ධ වාර්ශික අයවැයක් බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත
යැවිය යුතුය, එසේ
යම් වසරක මාස 6 කට අදාල එක් අර්ධ වාර්ශික අයවැයක් එවීමට කටයුතු
නොකලවිට පනතේ 36(3) වගන්ති ප්‍රකාරව දණ්ඩ නීති සංග්‍රහයට
යටත් වූ චෝදනාවකට වැරදි කරු වන අතර ඊට අදාල දඬුවමද එහි පැහැදිලිව දක්වා ඇත.
ශ්‍රී
දළදා මාලිගාවේ වර්ථමාන දියවඩන නිළමේ තුමා තම ධූර කාලය තුල අර්ධ වාර්ශික අයවැය සකස් කර එය
බෞද්ධ කටයුතු කොමසාරිස්
වෙත යොමු කිරීම නොකර සිටීම මත ඇතිවූ සැකය නිසා සොයා බැලීමේදී හෙලිවූයේ ඔහු පැමිණි දා
සිට විවිධ දූෂිත කටයුතු සිදු කර ඇති බවය,
මෙනිසා අයවැය ඉදිරිපත් කරවා ගැනීම සඳහා පලමුව ශ්‍රී දළදා මාලිගාව හා සම්භන්ධ ප්‍රධානීන් දැනුවත්
කළ ද ඉන් ප්‍රයෝජනයක් අත් නොවූයේ ඒ වන විටත් නීලංග දෑල මහතා ගොඩනඟා තිබූ ප්රථිරූපය
අනුව කිසි අයෙකු ඔහු එසේ කලාවි යැයි විශ්වාස නොකල නිසාවෙනි, මෙලෙස කූට හා වංචාවෙන් ගොඩ නැගූ ප්රථිරූපය නිසා අභ්‍යන්තර ලෙස කරන දැනුවත්
කිරීමක් ප්‍රමානවත් නොවන බව අවබෝධ වූ කළ, 2011 වසරේ බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා වෙත
ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සිදුවිය, ඒ සමග
නීලංග දෑල විසින් කල දූෂිත ගනුදෙනු කීපයක් ද දන්වා යැවිනි, අවාසනාවට බෞද්ධ
කටයුතු කොමසාරිස් වරයා ඒ පිලිඹඳව කටයුතු කළේ පක්ෂපාතී
සහ වංචා සහගත ලෙසිනි, මෙවන්
අයෙකු මගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කරගැනීම හාස්‍යක් වන බැවින් ඉතිරිවූ එකම විකල්ප වූයේ පොදු සංවිධානයක් ලෙස ජනතාව දැනුවත් කිරීමත් අධිකරණ ක්‍රියාමාර්ග
ගැනීමත් ය, බීරි අලින්ට වීනා ගායනා කිරීමෙන් තවදුරටත් ශ්‍රී
දළදා මාලිගාව රැක ගැනීම
උගහට වූ බැවින් මේ පිලිඹඳව ජනතාව දැනුවත් කිරීමටත්
අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් උදෙසා සුරකිමු සිරි දළද ජාතික ව්‍යාපාරය ගොඩනඟා
ගැනිනි.
සුරකිමු සිරි දළදා සංවිධානය එහි කැඳවුම්කරුවන රසික සුදන්ත පුංචිබණ්ඩාර සේනානායක
මහතා මගින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ 2012
ජනවාරි මස නඩුවක් ගොනු කරමින් ශ්‍රී දළදා මාලිගාවේ අයවැය නිසි කාලයට ඉදිරිපත්
නොකිරීම පිලිඹඳව
පලමු පැමිණිල්ල
ගොනුකරන ලදී ඒ
2009 වසර සහ 2011 වසර වලට අදාලවයි,
ඉන් පසු මෙම
නඩුවෙන් ගැලවීමේ අරමුනින් වර්තමාන දියවඩන නිළමේ වන පී.
එන්. දෑල මහතා මහනුවර දිසා අධිකරණයේ ඩී.එස්.පී. 368/12නඩුව පවරමින් කියා සිටියේ 2008.12.31 දක්වා
වූ පසුගිය වසර වලට අදාල සියළු අර්ධ වාර්ශික අයවැය නිසි පරිදි කොමසාරිස් වෙත යවා ඇතිබව
හා 2009 සහ 2011 අදාල වර්ශවල අර්ධ වාර්ශික අයවැය
ඉදිරිපත් කිරීමට නොහැකිවූයේ තමන්ගේ
වරදකින් නොව විගණන කටයුතු සිදුකරණ වරලත්
විගණකාධිපති ආයතනයේ වරදින් නිසා
එම අයවැය යැවීමට 2012/03/31 දින වන තුරු කල් ලබාදෙන ලෙසය.
තවද මෙවැනි අතපසුවීම් සිදුවිය හැකිනිසා නිළමේට
සහනයක් ලබාදෙන ලෙස දන්වමින් අති පූජ්‍ය මහනායක ස්වාමීන් වහන්සේලා විසින් කොමසාරිස්
වෙත ඉදිරිපත් කරන ලද ලිපියක් ද අධිකරණයට ඉදිරිපත් කෙරිනි.
මෙම කරුණු සලකා බලා දිසා විනිසුරු තුමා 2012/03/31 දින දක්වා කල් ලබාදෙමින්
මෙම නඩුවේ නියෝගය ලබාදෙන ලදී.
(නියෝගය පහත බලන්න)
වැදගත්ම සිදුවීම සිදුවන්නේ ඉන්පසුය, එක්
බොරුවක් වැසීමට තවත් බොරු කිව යුතුය යන්න සනාථ කරමින් 2012/03/22 වැනි දින පී.එන්. දෑල මහතා නැවත මහනුවර අතිරේක දිසා විනිසුරු
ඉදිරියේ එස්.පී.එල්.
373/12 නඩුව පවරමින් කියා සිටින්නේ තමන් හට
2005/2006/2007/2008 වසර වල අර්ධ වාර්ශික අයවැය යැවීමටද අතපසු වී
ඇති නිසා ඒ පිලිඹද සහනයක් ලබා දෙන ලෙසයි.
නඩු පිටපත බලන්න
එනම් දැන් පැහැදිලි වන කරුනක් ඇත සුරකිමු සිරි දළදා සංවිධානයේ චෝදනාව සත්‍ය බවය,
නමුත් නැවත මින් පැන නගින අළුත්ම තත්වයකි, එනම්
1. තමන් 2008.12.31 දක්වා
වූ පසුගිය වසර වලට අදාල සියළු අර්ධ වාර්ශික අයවැය නිසි පරිදි කොමසාරිස් වෙත යවා ඇතිබව
පවසමින් දෑල මහතා අධිකරණය නොමග යවා ඇත.
2. 2011/06/30
දක්වා වන අර්ධ වාර්ශික අයවැය මේවනවිටත් කොමසාරිස් තුමාට ඉදිරිපත්
කර ඇති බවත් ඉතිරිව ඇත්තේ 2011/06/01 සිට
2011/12/31 දක්වා වන අර්ධ වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීමට පමනක් බවත්
කියමින් කොමසාරිස් වරයාද අධිකරණය නොමග යවා ඇත,
අවසන් වශයෙන් කිව යුත්තේ මේ රටේ නීතිය අනුව මේවා දඩුවම් ලැබිය යුතු වැරදි සහ, මේ රටේ සෑම පුරවැසියෙකුටම සැමට සර්ව සාධාරන ලෙස නීතිය ක්‍රියාත්මක කරවාගැනීමේ අයිතියක් ඇති නිසා මෙවැනි වැරදි සදහා ද නීතිය ක්‍රියාත්මක කරවාගැනීමේ අයිතිය සියළු දෙනා සතු වගකීමක් බවය.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.