2017.10.25 වැනි දින මාධ්‍ය සාක්ච්ඡාව

සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරයේ වර්තමාන ක්‍රියාකාරකම් පැහැදිලි කිරීම සහ 2017.10.25 වැනි දින මාධ්‍ය සාක්ච්ඡාව සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කිරීම.

ශ්‍රී දළදා මාලිගාවේ අර්ධ වාර්ශික අයවැය 13 ක් (2006 සිට 2012) නිසි පරිදි බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත නොයැවීම සම්බන්ධයෙන් විහාර දේවාලගම් ආඥාපනතේ 36 ප්‍රකාර ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරනයේ නඩු පැවරීමට සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරය කටයුතු කරන ලදුව මහනුවර මහාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ලෙස එය විභාගයට ගැනීමත් හා එහි තීන්දුව නිශ්ප්‍රභා කරන ලෙසත් අයැදිමින් ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ පැවරූ අභියාචනය මේ වන විට විභාගයට ගැනෙමින් පවතී.
මේ අතර වාරයේ පසුගිය දිනක රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා කරන ලද පැමිණිල්ලකට අනුව ගරු අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා මැතිතුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව විශ්‍රාම ලත් ශ්‍රේෂඨාධිකරණ විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක මහතා විසින් ශ්‍රී දළදා මලිගාවට මියන්මාර රජය විසින් පරිත්‍යාග කල ඇතුන් දෙදෙනෙකු භාර ගැනීමේදී විදේශ විනිමය අක්‍රමිකතාවයක් වූයේද යන්න සොයා බලා වාර්තාවක් ඉදිරිපත්කර ඇති බව ප්‍රධාන පුවත්පත් වල සහ රූපවාහිනී වල විකාශනය විය.
එකී වාර්තාවට අනුව,
"2007 වසරේදී දළදා මාලිගාවට අලියෙකු ආනයනය කිරීමේදී එ සතාගේ මිළ විසිහය කෝටි පහලොස් ලක්ෂ අනූ දෙදහස් පන්සීයක් 261592500.00 වශයෙන් වැඩිකර දක්වා එම මුදල විදේශ විනිමය වශයෙන් ඉන්වොයිස් වල දක්වා එම මුදල විදේශ ගතකර ඇති බව රේගු කුවිතාංසි අංක 97382 හි සඳහන්වන බව පැවසීය"
ලෙස සඳහන් වේ.
එහි තවදුරටත් සදහන් වන පරිදි
"එමගින් යම් අයෙක් විදේශ විනිමය රෙගුලාසි සහ රේගු නීති මෙහදී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බව පෙනී යයි."
ලෙස ද සඳහන් වේ.
මෙම කරුණ පදනම් කරගෙන බෞද්ධ විහාරගම් දේවාල අඥාපනතේ 15 (1),(2),(3) වගන්ති ප්‍රකාරව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නීලංදෑල මහතා,
අකටයුත්තක් සහ විශ්වාසය කඩකිරීමක් සිදුකර ඇති හෙයින් ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරන තෙක් ප්‍රදීප් නීලංදෑල මහතා නිලයෙන් තහනම් කිරීමට පනත අනුව ක්‍රියාකරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් වෙත නීත්‍යානුකූල පැමිණිල්ලක් පසුගිය 2017.10.24 වැනි දින යොමුකරන ලදී.
තව දුරටත් මෙම පෙරකී මුදල ශ්‍රී දළදා මලිගාවෙන් වැය ක ඇති ද නැතහොත් රජයෙන් හෝ වෙනත් යම් ගෙවා ඇත් ද යන්න විමර්ශනය කරන ලෙසත් වරදක් කර ඇත්තේ නම් අදාල නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඇත.
මේ සම්බන්ව මාධ්‍ය දැනුවත්කිරීම සඳහා 2017.10.25 දින මහනුවර ඩෙවෝන් හෝටලයේදී මාධ්‍ය සාකඡ්චාවක් පවත්වන ලදී, එහි දී තව දුරටත් කරුණු දක්වමින් හිටපු බස්නායක නිලමේ රසික සුදන්ත පුංචිබණ්ඩාර සේනානායක මහතා විසින්
1. 2005 සිට ශ්‍රී දළදා මාලිගාවේ සිදුවී ඇති කටයුතු සම්බන්ධයෙන් නිසි විමර්ශණයක් සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඉල්ලාසිටින ලදී.
2.එමෙන්ම විහාර දේවාලගම් ආඥා පනතේ 38 වගන්තිය අනුව රජයේ විගනකාධිපතිවරයා ලවා ශ්‍රී දළදා මාලිගාවේ නිශ්චල චංචල දේපල සම්බන්ධ ගණන් පරීක්ෂාවක් සිකරන ලෙසත් ඉල්ලා සිටින ලදී.

තව දුරටත් අදහස් දැක්වූ එතුමා පුරාණයේ සිට ශ්‍රී දළදා මාලිගාවේ කටයුතු සම්බන්ධයෙන් තමන් හා තම මුතුන් මිත්තන් කටයුතු කර ඇති බවත් ප්‍රදේශයේ පාරම්පරික පවුලකින් පැවත එන්නෙකු ලෙස ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට යුතුකමක් හා වගකීමක් ඇති බවත්, යම් අක්‍රමිකතාවයක් සිදුවූ විට ඊට ඉඩහැරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව තමන්ගෙන් විමසීම් කරන බවත් තම වගකීමක් හා යුතුකමක් ලෙස ලෙස ශ්‍රී දළදා මලිගාවේ ආරක්ෂාව හා අභිවෘද්ධිය වෙනුවෙන්  ඉදිරියේදීත් කටයුතු කරගෙන යන බවත් ප්‍රකාශ කරන ලදී.
මෙම කටයුතු හේතුවෙන් ශ්‍රී දළදා මාලිගාවට හෝ අස්ගිරි මල්වතු උභය මහාවිහාරීය මහනායක ස්වාමීන්වහන්සේලාට අපහාසයක් සිදුකිරීමක් කිසි සේත් ම අභිප්‍රාය නොවන බව තරයේ කිව යුතු අතර, බෞද්ධ දේවාලගම් ආඥා පනතේ 15 වගන්ති පනවා ඇත්තේ ම යම් විටෙක් සිධස්ථානයකට අපකීර්තියක්, හානියක්, අකටයුත්තක්, විශ්වාසය කඩ කිරීමක් යම් සිද්ධස්ථානයක භාරකරුවෙකු සිදුකරන විට ඊට වැදුම් පිදුම් කරන්නෙකු ලෙස ගත හැකි ක්‍රියා මාර්ග දක්වා ඇත්තේ ද කුමන හෝ අයෙකු ඉදිරිපත්ව එකී හානි වැලැක්වීමට නොපැකිලව ඉදිරිපත් වන්නෙකුට අවශ්‍ය නෛතික පදනම සැකසීමට වේ.

පසුගිය වකවානුව තුල විවිධ ව්‍යාපාරිකයින් ව්‍යාජ ප්‍රභූත්වයක් ලබාගැනීම උදෙසා අල්ලස් භාවිත කරමින් නිලමේ තනතුරු වලට පත්වූ බවත්, සාම්ප්‍රදායික රාජකාරියක් යුතුකමක් ලෙස පැවති මෙකී ධූරයන් අනවශ්‍ය ලෙස මොවුන් මුදල් හා සම්බන්ධ කල බවත් චිරානුගත සම්ප්‍රදායන් ආරක්ෂාකිරීම පසෙක ලා කටයුතු කරමින් නොයෙකුත් අක්‍රමිකතා සිදුකර ඇති බවත් සදහන් කරන ලදී, ඒ සම්බන්ධව එකී තනතුරුවලට ඉදිරිපත්වූවන් පමනක් නොව ඔවුන් පත්කල අයද වගකිවයුතු බව සඳහන් කරන ලදී.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.