සංවිධානය බිහිවීමේ පදනම

සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරය” බිහිවීමේ පදනම
ශ්‍රී දළදා මාලිගාව ශ්‍රී ලාංකීය බෞද්ධයාට පමනක් නොව මුලුමහත් ලෝකය පුරා සිටින බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන් පූජා භූමියකි, වර්ශ දහස් ගණනක සිට ශ්‍රී ලාංකීය රාජ්‍යයයේ සංකේතයකි, ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රෞඩත්වය සිංහල බෞද්ධයින් පමනක් නොව හින්දු , ඉස්ලාම් කතෝලික බැතිමතුන් ද ස්මරනය කරනුයේ හද පිරි බැතියෙනි, මුලු මහත් ලෝකයේම සිටින බෞද්ධ බැතිමතුන් විවිධ අරමුනු උදෙසා කරනු ලබන පරිත්‍යාග ලබන ස්ථාන අතුරින් ලංකාවේ මුල් තැනක් ගනුයේ ද ශ්‍රී දළදා මාලිගාවයි, එහි ඇති ඇතැම් ස්වර්ණාභරන මුතු මැනික් පැරණි රජ වරුන් විසින් පරිත්‍යාග කරනු ලැබූ ඒවා ය, එහි වූ බොහෝ පෞරානික භාන්ඩ මිළ කිරීම කල නොහැකි තරමේ වටිනා කමකින් යුක්තය, ඊට අමතරව ශ්‍රී දළදා මාලිගාවට අයිති චංචල නිශ්චල දේපල ඉතා විශාල ප්‍රමාණයකි, දුගී දුප්පත් බැතිමතුන්ගේ සිට ධනවතා දක්වා ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව ශ්‍රී දළදා මාලිගාවේ චිරස්ථතිය වෙනුවෙන් පරිත්‍යාග කල ධනයෙන් සමන්විත ස්ථිර තැන්පතු හා බැංකු තැන්පතු වල වටිනාකම කෝටි ගණනකි. මෙවැනි විශාල ධන සම්භාරයක් කළමණාකරනය කරමින් ශ්‍රී දළදා මාලිගාව රැකගැනීමත්, හා එහි චාරිත්‍ර වතාවත් පැවැත්වීමත් සඳහා පුරාණ සම්ප්‍රදායානුකූලව පත්කරනු ලබන ගිහි භාරකරු (දියවඩන ණිළමේ) විසින් අදාල තීන්දු තීරණ ගනු ලබයි, පුරාණයේ සිට මෙම ගෞරවනීය තනතුර විවිධ ප්‍රභූන් විසින් සමස්ථ බෞද්ධ ජනයා වෙනුවෙන් දරනු ලැබූයේ හුදෙක් තම ලාභාපේක්ෂාවලින් තොරව වන අතර එය පාරම්පරිකව තමනට පැවරෙන වගකීමක් ලෙසය, පුරාණ වැඩවසම් ක්‍රමය තවමත් ඉතිරීවී ඇත්නම් ඒ ශ්‍රී දළදා මාලිගාව වැනි අති පූජනීය සිද්ධස්ථාන වල පැවැත්ම සඳහා පමණක් බව නොරහසකි.
 කරුණු මෙසේ වුවද මීට වර්ෂ කීපයකට පෙර අසාමාන්‍ය සිදුවීමක් සිදුවුනි, පෙර නොවූ ලෙස දියවඩන ණිළමේ තනතුර සඳහා තරමක් දුර ප්‍රදේශයකින් අපේක්ෂකත්වයක් ඉදිරිපත් විය, ඒ වන විටත් ඔහු පූජනීය දේවාලයක බස්නායක ණිළමේ තනතුර දරා සිටින ලදී, නමුත් පැවති නිළවරණයට පෙර ඔහුගේ කටයුතු පිළිබඳ විවිධ පැමිණිලි ගලා එන්නට විය, ඇතැමුන් නිළවරනය දිනයේ ප්‍රසිද්ධියේ ඔහුගේ දූෂණ පිළිඹඳ චෝදනා ඉදිරිපත් කරන ලදී. නමුත් ඔහු පිටුපස විශාල ව්‍යාපාරිකයින් සමඟ දේශපාලකයින් සිටිමින් අවශ්‍ය ආරක්ෂාවත් ඡන්ද දායකයින්ගේ සිත දිනා ගැනීමට අවශ්‍ය අල්ලස් වරදාන, හා ප්‍රශස්ති නොඅඩුව සැපයිනි, මේ අන් කවරකු නොව ප්‍රදීප් නීලංග දෑල මහතාය, සිතා මතා හෝ නොදැන මොහු ගේ වරදාන ලබාගත්තේ ප්‍රශස්ති වලින් නොමග ගියේ සුලුපටු පුද්ගලයින් නොවේ, දියවඩන ණිළමේ තනතුර සඳහා ඡන්දබලය ලැබෙනුයේ නිශ්චිත ප්‍රදේශවල ප්‍රාදෙශීය ලේකම්වරුන්(සිංහල බෞද්ධ පිරිමි), දේවාල 32 ක බස්නායක ණිළමේවරුන්, නම්කල පුරාණ රජමහ විහාර වල භාරකාර නාහිමි වරුන් හෝ දායක ගිහියන්ය. ඔවුන්ගේ වැඩිඡන්දයෙන් තේරී පත්වූ වර්තමාන දියවඩන නිළමේ ප්‍රදීප් නීලංග දෑල විසින් කර ඇති දූෂණ අක්‍රමිකතා මොනවාද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටත්, බෞද්ධයින් ලෙස ඇති වගකීමත් නිසා මේ වන විට ඊට අවශ්‍ය නීතිමය පියවර ආරම්භ කර ඇත, නමුත් දූෂිතයින් ආරක්ෂාකිරීමට සැදී පැහැදී සිටින ඇතැමුන් එකී දූෂිතයන්ගේ වරදාන වලින් තම රාජකාරිය පැහැර හැරීම නිසා ජනතාධිකරණය තුල මෙම කරුනු පැහැදිලි කිරීමට සිදුවී ඇත. මේ පිලිබඳව විස්තරාත්මක කරුණු ඉදිරියේදී මෙහි සඳහන්වනු ඇත, ශ්‍රී දළදා මාලිගාව රැකගැනීම අප සියළු දෙනාගේ වගකීම සහ ඒ සඳහා සෑම බෞද්ධයෙකුටම නීතිමය අයිතියක් තිබෙන බැවින් ඔබගේ අවධානය මේ පිළිබඳව යොමුකරනමෙන් ඉල්ලා සිටිමු. මේ කරුණු වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා "සුරකිමු සිරි දළදා" ජාතික ව්‍යාපාරය නමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇති අතර, එය කිසිම දේශපාලන අරමුනකින් තොරව සියළු දෙනගේ කැපවීමෙන් ක්‍රියාත්මක වේ

contact us 0094713169389


3 comments:

  1. එය කිසිම දේශපාලන අරමුනකින් තොරව සියළු දෙනගේ කැපවීමෙන් ක්‍රියාත්මක වේ

    මොන බොරුවක්ද? බයවෙන්න එපා දේශපාලනික තමයි දුෂණයට විරුධවිම. අනික දෑල පස්සෙන් ඉන්නේ රාජපක්ෂලා. ඉතින් දේශපාලනය තමයි.

    ReplyDelete
  2. ආයුබෝවන්,
    මමත් නුවර ආශ්‍රිත , විදේශගතව සිටින ව්‍යාපාරිකයෙක්. දළදාව , අපගේ ජීවයයි. නමුත් එය රැකගැනීම වෙනුවෙන්, දළදාව විනාශ කරන්න උත්සහයක් ඇතැයි මට සිතේ. දළදාව රැකීමට පෙරමුණ සාදන්නේ කුමකටද? දියවඩන නිලමේ තුමා දුෂිත නම් , අධිකරණයට යන්න. සාමාන්‍ය ජනතාවට චන්දය දීමේ බලයකුත් නැති නිසා, එම තනතුර වෙනස් කිරීමේ හැකියාවකුත් නැත. එය වෙනස් කිරීමට ජනතාව උසී ගන්වා කුමන්ත්‍රණ නොකර, අධිකරණ ක්‍රියාමාර්ගයකින් හෝ ඊළඟ චන්දයෙන් වෙනස් කරන්න. එමෙන්ම, ජනාධිපති තුමා රාජ්‍ය නායකයා ලෙස දියවඩන නිලමේතුමා සමග කටයුතු කල යුතු අතර එය පුරාණ සිරිතයි. එනිසා, නුවර සිංහල බොදුනුවන් මෙම වියාපාරය සමග එකතු නොවේවි. තමුන්ගේ පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් දළදාව භාවිත නොකරන්න. ඔබලාට වස් වදියි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු එකතුවෙලා මොනවාහරි කරන්නෑතුව ලිදලග නාන ගමන්, කඩේ තේ බොන ගමන් තෙල් බෙද බෙද හිටියට මොකුත් වෙන්නෙ නෑ උන්නෑහෙ, මොන ලබ්බ කොරන්ඩත් මිනිස්සු දෑනගන්ඩ එපෑයි මොකද වේලා තියෙන්නෙ කියලා.

      Delete

Note: Only a member of this blog may post a comment.