සුරකිමු
සිරි දළදා ජාතික ව්‍යාපාරය විසින් මෙතෙක් ගත් ක්‍රියාමාර්ග නිසා මුළුමහත් ලෝක
බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දළදා වහන්සේගේ කටයුතු නියමිත පරිදි සහ නිත්‍යානුකූල
ලෙස ඉටු කිරීමට පාලකයින් යොමු කිරීමට හැකිවිය, ශ්‍රී
දළදා මාලිගාව හා එහි කටයුතු භාරව සිටින්නන් විසින් සිදුකිරීමට යෙදුනු විවිධ
අකටයුතුකම් හමුවේ බොහෝ බලධාරීන් සහ ගරු කටයුතු පුද්ගලයින් නිහඬව ඉවත බලා සිටියත්
අවනීතියට අසාධාරණයට හා බෞද්ධාගම වෙනුවෙන් වචන වලින් නොව දිවිහිමියෙන් කැපවූ අය
විසින් එම අකටයුතුකම් වලට එරෙහිව සදාචාරාත්මක ලෙස තමනට කළ හැකි දේ ක්‍රියාත්මක කරන
ලදී.
සුරකිමු
සිරි දළදා ජාතික ව්‍යාපාරය පොදු මහජනයාට එක්ව කටයුතු කිරීමට විවෘතව තිබුනු බැවින්(මන්ද
දළදා වහන්සේ ආරක්ෂාකර ගැනීම සියළු දෙනාගේ වගකීම වන බැවිනි)
එයට විවිධ අවශ්‍යතා ඇති අයවළුන් එකතු විය, අවාසනාවට
ඇතමුන්ට මේ ක්‍රියාමාර්ග හරහා
1.චරිත ගොඩනඟා ගැනීමට වේදිකාවක් සාදා ගැනීමට
උවමනා විය,
2.ඇතමුන්ට මේ හරහා තම වර්ගවාදී අදහස්
එලියට දැමීමට වුවමනාවිය,
3. ඇතමුන්ට
සංවිධානය තුල ක්‍රියාකාරී වෙමින් අනාගත දිනයක තම බස්නායක තනතුරේ සිහිනය සැබෑ
කරගැනීමට වුවමනාවිය
4. තවත් අය සංවිධානයේ ක්‍රියාමාර්ග මුදලට
හා තනතුරු වලට තක්සේරු කර අතයට ගනුදෙනු සඳහා
අපට යෝජනා ඉදිරිපත් කරන ලදී,
මේ
සියල්ලන්ටම මතක් කළ යුත්තේ එකම එක කරුණකි, ඒ චේතනාහම්භික්ඛවේ කම්මං වදාමි යන බුදු වදනයි.
මෙවන්
ක්රියාකාරීන්හට ඔවුන්ගේ විවිධ කටයුතු වලදී අපගේ සංවිධානයේ
මූලික ප්‍රථිපත්තිය විශාල බාධකයක් විය. එනම් එහි සඳහන් පරිදි
“මෙම ව්‍යාපාරය
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ චිරස්ථතිය විරාජමාන කරවීමත්, සුරක්ෂිත කොට පෝෂණය කරවීමත්, ශ්‍රී
දළදා මාලිගාවට හෝ එහි ශ්‍රී නාමයට, චිරානුගත සම්ප්‍රදායන්ට
හෝ, නිශ්චල චංචල ද්පලට හානි වන්නාවූ හෝ, සම්ප්රදාය, සිරිත් විරිත්, චාරිත්‍ර, පිලිවෙත් වෙනස් කිරීම අහෝසි කිරීම ඉවත් කිරීම හෝ ශ්‍රී දළදා
මාලිගාවේ රාජකාරී හෝ ඊට සම්බන්ධ මොනයම්
නිලයකින් හෝ ලැබෙන වරප්‍රසාද මාලිගාවේ ශ්‍රී නාමයට හානි වන ලෙසින් තම පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුනුවා
ගන්නන්ට එරෙහිව නන් අයුරින් ක්‍රියාත්මක
වීමටත්,”
ලෙසින්
මෙහි ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ මෙමගින් අප සංවිධානයේ
ක්‍රියාකාරකම් ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රීත කරුනු වලට පමණක් සීමා කෙරීමටය (රටේ
ආගම සම්බන්ධ බොහෝ ගැටළු තිබුනත් මේ අවස්ථාවේ මෙම සංවිධානය ශ්‍රී දළදා මාලිගාව හා
සම්බන්ධව පමනක් කටයුතු කිරිමට තීරනය වූයේ එයට යම් නිශ්චිත සීමාවක් තිබිය
යුතු වූ බැවිනි).
එහි
ව්‍යවස්ථාවේ
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ බෞද්ධ
විහාර දේවාලගම් ආඥාපනත මගින් සහ අනෙකුත් නෛතික ලියවිලි සහ කොමිෂන් සභා නිර්දේශ අනුව නියෝග කොට ඇති ක්‍රමවේදයන් නියමාකාරයෙන් ක්‍රියාත්මක වේදැයි
නිරීක්ෂණය කිරීමත් එසේ නොවන අවස්ථාවලදී අදාල අංශ දැනුවත් කිරීමත්, එකී
කටයුතු යාමනය කිරීම උදෙසා නෛතික ක්‍රියාමාර්ග
ගැනීමත් මූලිකව අරමුනු කරගත් සංවිධානයක් වන අතර.”
ලෙසින්
සඳහන් වනුයේ අප සංවිධානය තුල වරතමාන ශිෂ්ඨ සහ උගත් සමාජමය ක්‍රියාමාර්ග තුලින්
පමණක් වම් වරදක් නිවැරිදි කිරීමේ ක්‍රියාමාරග තුල සංවිධානය සීමා විය යුතු වූ
බැවිනි. මෙනිසා හිංසාකාරී හා ප්රකෝපකාරී හැඟීම් දනවන ක්‍රියාමාර්ග අප විසින්
අනුගමනය නොකරන ලදී, මන්ද එවැනි අසාර්ථක ක්‍රියාමාර්ග අවසානයේ පුවත් මැවීම හැර වෙනත්
කිසිවක් නොකරන බැවිනි.
මෙනිසා
යම් අකටයුත්තක් නිවැරිදි කිරීම උදෙසා අප ගත් ක්‍රියා මාර්ග පහත පිළිවෙලින් යුක්ත
විය.
1. අදාල වරද නිවැරිදි කිරීමේ වගකීම ඇති නිළධාරීන් දැනුවත් කිරීම.
2. එකී දනුවත් කිරීම් වලට නිසි පියවර නොගත් විට සිහි කැඳවීම් සමඟ තම
රාජකාරිය ක්‍රියාත්මක කළ යුතු බවට නීතීඥයින් මගින් දැන්වීම.
3. එයටද නිසි ප්‍රතිචාර නොලැබුන විට ජනතාව දැනුවත් කිරීම හා, ජනතාවගේ ප්‍රථිචාර අනුව අධිකරනයේ නඩු පවරා නීතිය ක්‍රියාත්මක කිරීම.
වසරකට කිට්ටු කාලයක් තුල මෙකී කටයුතු ක්‍රියාත්මක කිරීම නිසා, මේ
වන විටත් ශ්‍රී දළදා මාලිගාවේ කටයුතු අත්තනෝමතික ලෙස හැසිරවූ බලධරයන් නියමිත
ආකාරයට පීලිගත කිරීමට අපට හැකිවිය,
උදාහරණයක් ලෙස 2005 වසරේ සිට 2012
වසර දක්වා වූ අර්ධ වාර්ශික අයවැය වාර්තා දහ හතරක් මාස කිහිපයක් ඇතුලත බෞද්ධ කටයුතු
දෙපාර්තුමේන්තුව වෙත යැවීමට ඔවුන්ගේ නිලය තෙරපීමට අපට හැකිවූයේ ඉහල පරිපාලන
නිළධාරීන් සහ තවත් ගරු කටයුතු අයවළුන් හට එය කළ නොහැකිව තිබියදීය.
(දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා නිලමේ සියළු දේපල විකුනං කනවා.- 2012/10/07 ඉරිදා ලංකා ප්රවෘත්ති පත්‍රයේ හෙලිදරව්ව)
(දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා නිලමේ සියළු දේපල විකුනං කනවා.- 2012/10/07 ඉරිදා ලංකා ප්රවෘත්ති පත්‍රයේ හෙලිදරව්ව)
මෙනිසා අප සංවිධානය විසින් කළ කාර්ය අතර කිසි කෙනෙකුට කළ නොහැකි වූ
එම කරුන ද අපගේ ජයග්රහනයක් ලෙස අප සලකමු, එනම් කුඩා මිනිසුන් ලෙස අපගේ දළදා වහන්සේ
වෙනුවෙන් අහිංසක දුප්පතා දමන පඬුරේ සිට සියළුම මුදල් සුරක්ෂිත
කිරීමට මේ වන විට අපට හැකිවිය,
එය අපහට ඉමහත් ආත්ම ලාභයකි, වසර
හතක් තිස්සේ අයවැය ගෙන්වාගැනීමට අසමත් වූ කොමසාරිස් වරයා වෙනුවට, අයවැය
වාරතා දහ හතරක් කඩිනම්ව සකසා ඉදිරිපත් කරනු කියා අපහට කිව හැකිවූයේ කිසි කිසි
කෙනකුගේ ආධාර මත හෝ සම්මාදම් වලින් පෝෂණය නොවූ පෞර්ෂයක් අපට ඇති බැවිනි, එනිසා
වැරදි කරන්නන් ශෝධනය කිරීමට හෝ නොදැක්කා සේ සිටීමට අපට උවමනා නොවීය.
සාමාන්‍ය මිනිසුන් ලෙස අපහට මෙතරම් කාර්යක් කළ හැකිනම් වගකිව යුත්තන්
හා ගරු කටයුතු පුද්ගලයින් හට කොපමන සේවයක් ආගම වෙනුවෙන් කළ හැකිද යන්නත්,
දුක් ගැහැට අවලාද ජීවිත තර්ජන මැදින් අපට ක්‍රියාකිරීමට සිදුවූයේ මේ උදවියගේ නිශ්ක්රියතාවය
නිසා බව අපට අවබෝධ වුවත් ඉන් අප වික්ෂිප්ත නොවන්නේ බුදුන් වහන්සේ කොසොල් රජතුමාගේ
සිහින ඵලාපල විස්තර කරනා ධර්ම දේශනාවක එය මනාව පැහැදිලි කරනා හෙයිනි.
තමන් අතින් යම් වරදක් සිදුවූ විට එය නිවැරිදි කරගනු විනා තමනට
පුද්ගලික අපහාස කරන්නේයැයි පවසමින් වරද සැඟවීමට හොරා උත්සාහ කරයි එවිට හොරාගෙන්
සප්පායම් වූවන්ට උගුරට හොරා බෙහෙත් ගිලීමට පහසු කරවනු ඇත.
තේරෙන භාෂාවෙන් කිවහොත් හොරෙකු නඩු අසනවාට කැමති නැත, හොරාට
අනුව පොලීසිය කරනුයේ ඉරිසියා කාර වැඩකි, ඔහුට අනුව පොලීසිය තම චරිතය කෙළෙසීමට
කටයුතු කරයි.
සොරාගෙන් උදව් ගත් අයටද එවිට කිව හැකි යමක් ඇත, එනම්
ඔහුට විරුධ පාර්ශවයන් ඇති බවත් ඔවුන් ඔහුට ද්වේශ කරන බවත් එනිසා ඔහු අහිංසක බවත්ය.
මේ කිසි කෙනෙකුට ප්‍රශ්ණය ලිහා දැමීමට වුවමනාවක් නැත, ඔවුන්
නඩු අසනවාට විරුද්ධය මන්ද හොරකම එලිවී දඬුවම් ලබන බව දන්නා බැවිනි, එනිසා ඔවුන්ද නිශ්ශබ්ද වන්නේ පැණි වදයෙන් තමාගේ කොටස අනාගතයේ නොලැබී යා හැකි නිසාවෙනි.
නමුත් නිර්දෝෂී පුද්ගලයා ගාලුමුවදොර පිටියේ වුවද නඩු ඇසීමට කැමති වනු
ඇත, බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මය විවෘත කර තබන ලෙස කීවේ ඉන් එය
බබලන නිසාත් වසා තිබීමෙන් එය අභාවයට යන නිසාත්ය, එලෙසම කෙදිනක හෝ සත්‍ය මතුවනු ඇත මන්ද සත්‍යයේ බලය එය වන නිසාය ඒනිසා අවසන් වශයෙන් කිව
යුත්තේ චන්දයෙන්, මෝහයෙන් අගතියට ගියවුන් කළ හානිය හැකි වෙර දමා ධර්මය වෙනුවෙන්
ඉදිරියේදීද නිවැරිදි කිරීමට පටිසෝතගාමී විමට අදිටන් කර ගැනීමෙන් මේ ඝෝර කටුක සංසාරයෙන් අත්මිදීමට
පහුරක් ලෙස කුමන හෝ විටක ආත්ම ලාභයක් ලෙස එය පිහිටවනු ඇති
බවයි.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.