ඔබගේ යුතුකම

ඔබගේ සහය ලබාදෙන්නේ කෙසේ ද?

පහත දැක්වෙන ලිපිය මුද්‍රණය කර අත්සන් කොට ගරු ජනාධිපති තුමා වෙත යොමු කර ඔබගේ යුතුකම ඉටු කරන්න, ඔබට මෙය තැපෑලෙන් යැවිය හැකිය,එමෙන්ම  විද්‍යුත් ලිපියක් ලෙසින් ද යොමු කළ හැකිය, එමෙන්ම මෙම ලිපිය පිටපත් කර ඔබගේ යහළුවන් වෙත ද යොමුකර ඔවුන්ගේද මෙම කාර්යට එකතු කරගන්න.
ජනාධිපති ලේකම් කාර්යාලයේ විද්‍යුත් ලිපිණය   secretary@presidentsoffice.lk






ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී
ජනරජයේ අතිගරු ජනාධිපති තුමා,
අරලිය ගහ මන්දිරය,150, ගාලු පාර
කොළඹ 03.
ගරු ජනාධිපති තුමනි,
ශ්‍රී දළදා මාලිගාව යනු ශ්‍රී ලංකා වාසී බෞද්ධයින් පමනක් නොව ලෝක වාසි සියළු බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස වැඳුම් පිදුම් ලබනා ස්ථානයකි. මෙනිසා එවන් වූ සිද්ධස්ථානයක් හිමිවීම පිලිබඳ ශ්‍රී ලංකා වාසී බෞද්ධයින් ලෙස අප ආඩම්බර වන්නේ හද පිරි සතුටෙනි.
 එලෙසම සියළු ලෝකවාසී බෞද්ධයින් වෙනුවෙනුත් විශේෂයෙන් ශ්‍රී ලාංකීය බෞද්ධයින් වෙනුවෙනුත් ශ්‍රී දළදා මාලිගාව සුරක්ෂිත කොට පෝෂණය කිරීම අප සියළු දෙනාගේ වගකීම වෙමු.
 ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරු වන්නේ දියවඩන නිළමේ තුමාය, ඔහුගේ කටයුතු අධීක්ෂණය කළ යුත්තේ බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා සහ මහා භාරකාර තුමා විසිනි, නමුත් මේ වන විට සිදුවී ඇති සිදුවීම් නිරීක්ෂණය කිරීමේදී ඔවුන් දෙදෙනා මගින් එකී කටයුත්ත නිවැරිදි ලෙස ඉටුකරවා ගත නොහැකි බවට ප්‍රත්‍යක්ෂ වී ඇත.
මේ නිසා අප ඔබතුමාගෙන් ගෞරවයෙන් සහ ශාසනයේ නාමයෙන් ඉල්ලා සිටින්නේ, ශ්‍රී දළදා මාලිගාවේ කටයුතු රජයේ විගනකාධිපති තුමා යටතේ විගණනයට යටත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් එකී විගණනයට කරුණු දැක්වීමට ඉදිරිපත් වන පාර්ශවයන්ට ඉඩ සලසන ලෙසත් සහ මේ වන විටත් අවාසනාවන්ත ලෙස පරිහානියට පත්ව ඇති ඇසල පෙරහැර මංගල්‍යයේ සහ ශ්‍රී දළදා මාලිගාව හා සබැඳි අවිචින්නව වසර සිය ගණනක් රැකගෙන ආ සම්දායන් සිරිත් විරිත් සුරක්ෂිත කර පෝෂණය කරනු වස් ජනාධිපති කොමිසමක් පත් කරවන ලෙසත් ගෞරව බහුමානයෙන් යුතුව ශ්‍රී ලාංකීය බෞද්ධ පුරවැසියන් ලෙස ඉල්ලා සිටිමු.
                                                                                ස්තූතියි,
…………………………………
මීට.


contact us senanakayerspb@gmail.com

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.