දියවඩන නිලමේගෙන් ප්‍රශ්න කරයි(Tuesday, 12 May 2015 - 11:19 | HIRUNEWS)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑලගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (12) ප්‍රශ්න කළා. ඒ, දළදා මාළිගා අරමුදලේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන්. පැය 4 ක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
දළදා මාලිගාවේ ඉඩම් රැක ගැනීම වෙනුවෙන් සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරය අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට
2014/08/24 දින ඉරිදා මව්බිම පත්‍රයේ මුල් පිටුවේ සහ දෙවැනි පිටුවේ පළවූ ප්‍රවෘතියකින් කියැවෙන බෞද්ධයාගේ මුදුන් මල් කඩ බදු පූජනීය ස්ථානයේ සේවය කරණ කුඩු ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයා මේ කවුද? අප දන්නා පරිදි බෞද්ධයින්ගේ මුදුන් මල් කඩ බදු පූජනීය ස්ථානය ලෙස හදුන්වන්නේ ශ්‍රී දළදා මාලිගාවයි, එහි සේවය කරන්නන් හදුන්වන නාමය වනුයේ කාරිය කෝරාල වරුන් ලෙසයි, පහත දැක්වෙන ප්‍රවෘත්තියේ සදහන් කුඩුකාර කාරිය කෝරාල සොයා කුඩේ කුඩු කර දැමීමට අවශ්‍ය පියවර සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරය විසින් නුදුරේදීම ගනු ඇත. කෙසේ වුවත් මෙවැනි පුද්ගලයින් මෙවන් උත්තරීතර ස්ථාන වලින් ඉවත්කිරීමට අවශ්‍ය කටයුතු කිරීම පොලීසිය ඇතුළු නෛතික බලතල ඇති ස්ථාන වල වගකීමක් වේ.
· ප්‍රදීප් නීලංග දැල බොදුබල සේනා සමග පැටලෙයි.2013/02/10

සම්පූර්ණ පැමිණිල්ල.
2015/02/10
සභාපති,
අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව,
කොළඹ
ශ්‍රී දළදා මාලිගාවට අයත් ඉඩම් වංචාකාරී ලෙස අන්සතු කිරීම සම්බන්ධවයි
ශ්‍රී දළදා මාලිගාවට අයත් චංචල හා නිශ්චල දේපල සම්බන්ධ පරිපාළන කටයුතු 1931 අංක 31 දරන විහාර දේවාලගම් ආඥා පනතට යටත් වේ. මෙම පැමිණිල්ල මගින් ඉදිරිපත් කර ඇති කරුණු එකී පනතේ පහත වගන්ති වලට අදාලවේ.
• ශ්‍රී දළදා මාලිගාවේ භාරකරු දියවඩන නිළමේ ය (පනතේ 7 වගන්තිය)
• ශ්‍රී දළදා මාලිගාවේ සියළු දේපල භාරකාර තැන වෙත පැවරේ (පනතේ 20 වගන්තිය)
• භාරකාර තැන පත් කරනු ලබන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් විසිනි (පනතේ 7 හා 11 වගන්ති)
• යම් භාරකාරයෙකු පනතේ නියම කර ඇති නීති ප්‍රකාරව ක්‍රියා කරන්නේ ද යන්න පිලිබඳ නිරීක්ෂණය කළ යුතු බලධාරියා බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා ය (පනතේ 15, 19 හා 39 වගන්ති.)
• දළදා මාලිගාවට අයත් නිශ්චල දේපළක පරවේනි පංගුව පැවරීමට අදාල ක්‍රමවේදයක් දක්වා ඇත (පනතේ 27 වගන්තිය)
• අනියම් මාර්ගයෙන් පවරා දෙන ලද දේපළ ආපසු පවරා ගැනීමට හැකිය (පනතේ 28 වගන්තිය)
• බදු දීම සඳහා භාරකරුවෙකු (පනතේ 29 වගන්තිය) ප්‍රකාර කටයුතු කළ යුතුය.
• පනතේ විධිවිධාන අනුව පරවේනි පංගුව පැවරීම හැර වෙනත් අන් සතු කිරීමක් නීත්‍යානුකූල නැත. (පනතේ 26 වගන්තිය)
ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවට අයත් ඉඩම් දළදා මාලිගාවේ පරම අයිතියට යටත්ව නිලකාරයින්, පංගුකාරයින් හෝ භුක්තිකරුවන් විසින් භුක්ති විදීමේ දී රාජකාරි පංගුව නැතහොත් රාජකාරි කොන්දේසි වලට යටත් අතර, එය එකී දේපළේ ප්රවේණි ඔප්පුවේ සඳහන් වේ.
යම් නිලකාරයෙකු, පංගුකාරයෙකු හෝ භුක්තිකරුවකු හට එකී දේපළේ භුක්තිය අන් සතු කළ හැකි අතර එවැනි විටක මාලිගාවේ භාර කරු සහ බෞද්ධකටයුතු කොමසාරිස් වරයා දැනුවත් කළ යුතු අතර නව භුක්ති කරුගේ ප්රවේණි ඔප්පුවේ ද අදාල රාජකාරි පංගුව සදහන් වේ.
1. පහත සැකෙවින් ඉදිරිපත් කරනුයේ ඉහත පටිපාටිය සූක්ෂම ලෙස මගහරිමින්, මාලිගාවට අයිති ඉඩම් අන්සතු කිරීමට කටයුතු කර ඇති ආකාරයයි.
2. අදාල කරුණු තහවුරු කිරීම සඳහා සාක්ෂි ලේඛණ අමුනා ඇත.
3. දේපළ වෙළඳාම් සමාගමක් විසින් දළදා මාලිගාවට අයිති ඉඩමක් තත්කාලයේ භුක්තිකරුගෙන් මිළට ගනියි.
4. අදාල දේපළේ ප්රවේණි ඔප්පුව ලැබුනු පසු එහි ඇති රාජකාරි සඳහා වාර්ශික තක්සේරුවක් ලබාදෙන ලෙස සමාගම දේපලේ භාරකරු වන දියවඩන නිළමේ ගෙන් ඉල්ලා සිටියි.
5. බෞද්ධ කටයුතු කොමසාරිස් සහ දියවඩන නිළමේ ඉදිරියේ පැවැත්වෙන සාකඡ්චාවකින් සමාගමට පහත උපදෙස් ලැබෙයි.
a. වාර්ශික තක්සේරු වටිනාකමට සමාන මුදලක් පොලිය ලෙස ලැබෙන පරිදි, සමාගම විසින් රාජ්‍ය බැංකුවක දළදා මාලිගාව නමින් ස්ථිර ගිනුමක් ඇරැඹිය යුතුය, එහි පොලිය වාර්ශිකව දළදා මාලිගාවේ ගිනුමට බැර විය යුතුය.
b. යම් ලෙසකින් යම් කළෙක වාර්ශික තක්සේරු මුදල පොලී මුදලට වඩා වැඩි වුවහොත් හිඟය පියැවෙන ලෙස ස්ථිර තැන්පතුවට මුදල් එකතු කිරීම සමාගම විසින් කළ යුතුය.
6. මෙම උපදෙස් අනුව කටයුතු කරන සමාගම, ඉහත කටයුත්තෙන් පසු ඔප්පුවට අදාල රාජකාරි සිදුකිරීම අනවශ්‍ය බැවින් ඒවා ඔප්පුවෙන් ඉවත් කිරීමට අවසර ලබා ගනියි, බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා ලෙස තමනට ඇති බලය අනිසි ලෙස යොදා ගනිමින් හෝ සාවද්‍ය ලෙස කටයුතු කරමින්, එකී ඔප්පුවෙන් රාජකාරි ඉවත් කර නව ඔප්පුවක් සැකසීමටත්.
7. එකී නව ඔප්පුවෙන් කොටස් කරණ ලද ඉඩම් කැබලි සින්නක්කර ඔප්පු මගින් නව අයිති කරුවන්ට විකුණා දැමීමටත් ඉඩ හරි.
8. නව අයිති කරුවන්ගේ ඔප්පුවල ඔවුනට සින්නක්කර අයිතිය හිමි බව සදහන් බැවින් ඔවුන් මාලිගාවට රාජකාරි වගකීමකට යටත් නොවේ. එය දේපළ වෙළඳාම් සමාගමක් විසින් භාරගෙන බැංකුවකට පවරා ඇත.
9. යම් දිනෙක සමාගම හෝ බැංකුව නොපවතින විටක අදාල රාජකාරි වගකීම පැවැරිය යුත්තේ කා හට ද යන්න පැහැදිලි නොමැත.
10. මේ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා ලෙස තම ධූරයේ බලය සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බැවින්.
11. මෙම පැමිණිල්ල සම්භන්ධව පරීක්ෂණයක් කොට, අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරණ මෙන් දන්වා සිටිමි.
ස්තූතියි.
පිටපත් 1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගරු ජනාධිපති - කාරුනික දැනගැනීම පිණිස
2. බෞද්ධ කටයුතු අමාත්‍යවරයා - කාරුනික දැනගැනීම පිණිස
3. සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරය - දැනගැනීම පිණිස
ඇමුනුම්
1. සී/ස ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් සංවර්ධනය කර විකිනූ බරිගම දූලාදෙණිය වත්ත සම්බන්ධ ලේඛණ.
2. සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම වෙත විකිනූ කළුගමුවේ මල්නයිදාදෙණියේ හේන නැමති ඉඩමට අදාල ප්රවේණි ඔප්පුව.
3. ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් සංවර්ධනය කර විකිනූ මහනුවර ඒ දඬුවාවේ උඩගෙදර වත්තට අදාල ලේඛණ.
4. කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම වෙත විකිනූ මහනුවර කළුගමුවේ පිහිටි පොල්ගොඩහේන ඉඩමේ ප්‍රවේනි ඔප්පුව හා එහි පත් ඉරු සටහන.
කුඩු කාර කාරිය කෝරාල කෝකාද? 2015/02/10

මහනුවර මහාධිකරණ තීරණයට එරෙහිව සුරකිමු
සිරි දළදා ජාතික ව්‍යාපාරය
අභියාචනාධිකරණයට.2013/05/07
මහනුවර මහාධිකරණයේ විභාග වෙමින් පැවති
දළදා මාලිගාවෙ අයවැය නොයැවීමට එරෙහි නඩු වල තීන්දු ප්‍රකාශ කරමින් මහනුවර මහාධිකරණ අංක 01 හි ගරු විනිසුරු මනිලාල්
වෛද්‍යතිලක මහතා, අදාල පැමිණිළි ඉදිරිපත් කිරීමට පනතට අනුව
පැමිණිලිකරුට බලයක් නැතැයි ද, මෙය ද්වේශ සහගතව පවරන නඩුවක් හා අදාල නඩු වල නඩු ගාස්තු
ලෙස රුපියල් ලක්ෂ පහක් විත්තිකරු ට ගෙවන ලෙසත් එම ප්‍රතිශෝධණ
නඩු
තීන්දු ප්‍රකාශ
කරමින්
2013/05/07 දින පැවසීය.
සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු
රසික සුදන්ත පුංචිබණ්ඩාර සේනානායක මහතා විසින් දළදා මාලිගාවේ අර්ධ වාර්ශික අයවැය ඉදිරිපත්
නොකිරීමට එරෙහිව මහනුවර අතිරේක මහේස්ත්‍රාත්
අධිකරණයේ
පැවරූ නඩු විත්තිකාර දියවඩන නිළමේ වරයා විසින් මෝසමක් ඉදිරිපත් කරමින් මහනුවර මහාධිකරණයේ
ප්රතිශෝධන නඩු ලෙස විමසීමට
ඉල්ලාසිටින ලදී, ඒ අනුව මහනුවර මහාධිකරණ අංක එකේ මෙම ප්‍රතිශෝධණ නඩු විභාගයට ගන්නා ලදී,
සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරය මෙම නඩු මහාධිකරණ
අංක එකේ ගරු විනිසුරු තුමා වන මනිලාල් වෛද්‍යතිලක
මහතා,
ඉදිරියේ විභාග කිරීමට විරෝධය පළකරමින් අධිකරණ සේවා කොමිසමේ ලේකම් තුමා වෙත
2012/08/28 දින පැමිණිලි කරන ලදී, එකී පැමිනිල්ලට සුදුසු පියවර නොගැනුන හෙයින් දෙවන
වරට 2013/01/21 දින නැවතත් පැමිණිලි කරන ලදී එයටද ක්‍රියාමාර්ගයක් නොගත් හෙයින් නැවත
2013/04/26 දින තෙවැනි වරටත් ගරු අගවිනිසුරු සහ අධිකරණ අමාත්‍යතුමාට පිටපත බැගින් පැමිණිලි කිරීමට කටයුතු
කරන ලදී, එකී ලිපියට 2013/04/30 දිනැති ගරු අග විනිසුරුතුමා පිලිතුරු දක්වමින් අදාල
පැමිණිල්ල කෙරෙහි එතුමාගේ අවධානය යොමුව ඇති බව දන්වා සිටින ලදී. අදාල නඩු තීන්දුව ලබාදුන්නේ
මෙම තත්වය යටතේ වන අතර,
අදාල නඩුතීන්දුවට එරෙහිව රසික සුදන්ත
පුංචිබණ්ඩාර සේනානායක මහතා විසින් අභියාචනාධිකරණයට යෑමට කටයුතු කරමින් සිටී.
මහනුවර මහාධිකරණ අංක 01 හි ගරු විනිසුරු මනිලාල්
වෛද්‍යතිලක මහතා ඉදිරියේ
අදාල නඩු විභාග කිරීමට එරෙහිව සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරය යොමු කළ එකී පැමිණිල්ලේ පිටපත පහත දැක්වේ.
· ප්‍රදීප් නීලංග දැල බොදුබල සේනා සමග පැටලෙයි.2013/02/10
ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරු වන දියවඩන නිළමේ ප්‍රදීප් නීලංග දෑල පරිපාලනය යටතේ සිදුවී ඇති අක්‍රමිකතා සම්භන්ධයෙන් සොයා බැලීමටත් රීට එරෙහිව කටයුතු කිරීමටත් බොදුබල සේනා සංවිධානය ඉදිරිපත් වීමත් හා පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඒ පිළිබදව අදහස් දැක්වීමෙනුත් පසු උන් වහන්සේගෙන් දියවඩන නිලමේට අපහාස වූ බව දක්වමින් ප්‍රදීප් නීලංග දැල තම නීතිඥයින් මාර්ගයෙන් මුදලින් වන්දි ඉල්ලා එන්තරවාසියක් උන්වහන්සේ වෙත යවා ඇත.
අදාල දූෂණ හෙලිදරව් කරන උන්වහන්සේගේ එක් මාධ්‍ය ප්‍රකාශයක් මෙතනින් බලන්න.
2013/01/09
දින බොදුබල සේනා සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් කමිටුව විසින් මහනුවර තැපැල් ශ්‍රවනාගාරයේ සංවිධානය
කළ දැවැන්ත ජන හමුවෙදී අති විශාල ජනතාවක් ඉදිරියේ උන්වහන්සේ තමනට එවා ඇති
එන්තරාවාසිය පිලිබද උන්වහන්සේගේ අදහස ප්‍රකාශ කළ අතර නිලමේ ඉල්ලා ඇති වන්දිය ගෙවීමට සැම නිවසකම
පිංකැටය බැගින් තැබීමට තම දායකයන්ට දන්වා සිටින බව ද ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම උන්වහන්සේ තවදුරටත් දක්වා සිටියේ බෞද්ධයාගෙ මුදුන් මල්කඩ වන ද්‍රී දළදා මාලිගාව විනාශ කිරීමට කුමණ හෝ බලවේගයකටවත් ඉඩ නොතබන බවයි, තහවුරු නොකළ ආරංචි මාර්ග වලින් පැවසෙන පරිදි මෙදිනම(2013/02/09) සවස 2.00 ට උභය පාර්ශවයේ මහනායක හිමිවරුන් ඇතුළු ත්‍රෛයි නිකායික නාහිමිවරුන් ද සතර දේවාල වල බස්නායක වරුන්ද මාලිගාවට කැදවා මෙම තත්වයට එරෙහිව සංධානයක් ගොඩ නගා නීලංග දෑල ගේ ආරක්ෂාව සලසා ගැනීමට අවශ්‍ය පියවර සාකච්ඡා පවත්වා ඇත. එහිදී කමිටු හතරක් පිහිටුවා ගෙන සෑම කමිටුවකම සභාපතිත්වය නිළමේ වරයා සන්තකයේ තබා ගත් බවද අදාල වියදම් සදහා මිලියන 10 ක මුදලක් ශ්‍රී දළදා මාලිගාවෙන් ලබාදීමටද එකග වූ බව දැනගන්නට ලැබී ඇත.

කෙසේ වෙතත් ලබන මාර්තු මස 17 වැනීදා ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ පැවැත්වීමට යන බොදු බල සේනා මහ සමුළුව නැවැත් වීමටත් හා එහිදී දියවඩන නීළමේට එරෙහි චෝදනා මතුවීම වැලැක්වීමටත් දියවඩන නිළමේ විසින් ගන්නා පියවර පිළිඹදව ද අප විමසිල්ලෙන් සිටින්නෙමු.
දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා නිලමේ සියළු දේපල විකුනං කනවා. 2012/10/07 ඉරිදා ලංකා ප්රවෘත්ති පත්‍රයේ හෙලිදරව්ව
බලන්න.
- දියවඩ නිලමේට අපහාස-මිලියන 50 ක වන්දි 2012/07/15
අපහාස
කතාවේ කතාවේ නොදුටු පැත්ත සහ සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරයේ පැහැදිලි
කිරීමක්.
දියවඩ නිලමේට අපහාස වන අයුරින් කටයුතු
කිරීම සම්භන්ධයෙන් ජාතික සම්පත් සුරැකීමේ සංවිධානයේ නම් සංවිධානයකට එරෙහිව කොළඹ දිසා
අධිකරණයේ ගොනු කර තිබූ නඩුවක තීන්දුව දෙමින් කොළඹ දිසා අධිකරණය පසුගිය දිනක
තීන්දුවක් ප්‍රකාශ කරන ලදී, ඉන් අනතුරුව කිහිප දෙනෙකු අපෙන් විමසා සිටියේ එකී තීන්දුව පිළිබඳයි, ඔවුන් මෙම සංවිධානයේ නමත් අපගේ නමත් පටලාගෙන තිබුනි, මෙනිසා කරුනු පැහැදිලි කරනු වස් මෙම තොරතුරු සඳහන් කරන්නෙමු.
එකී සංවිධානයත් සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරයත් අතර සම්බන්ධතාවයක් නැත,
එමෙන්ම
අප විසින් ගත් නීතිමය ක්‍රියා මාර්ග සහ එකී නඩු තීරණ්ය අතර ද සම්භන්ධයක් නැත,
කෙසේ වෙතත්
උක්ත සංවිධානයේ කිහිප දෙනකු අප සංවිධානය පිහිටුවීමට පැවති මුල් සාකච්ඡා වලට සහභාගී වී ඇති අතර ඔවුන් කිසි කෙනකු වර්තමානයේ
අප ව්‍යාපාරයේ සක්‍රිය ක්‍රියා කාරීන් ලෙස කටයුතු
නොකරයි.
ප්‍රස්තුතයට
අදාල නඩු විභාගයට විත්තිකාර පාර්ශවය වන ජාතික සම්පත් සුරැකීමේ සංවිධානය නොපැමිණ ඇති අතර එය ඒක පාර්ශවීය නඩු විභාගයක් ලෙස
පවත්වන ලදී,
මෙම අපහාස නඩුවට
පෙර
නඩුවට අදාල ප්රස්තුතය වූ රන් පිලිම අතුරුදහන් වීම පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව විභාගයක් පවත්වා ඇති අතර රහස් පොලීසියද විමර්ශණය කර වාර්තා කර ඇත,
දීර්ග
ලෙස විමර්ශනය කර ඇති
කොමිෂන් සභාවේ තීරණය හාත්පසින්ම වෙනස් වන අතර(මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව අදාල පැමිණිල්ලෙන්
චොදනා කර ඇති වරද සිදුව ඇති බවත් නිළමේ වරයා එකී ධුරයෙන් පහ කළ යුතු බවත් නිර්දේශ
කර ඇති බව වාර්තාවේ සදහන් ය) එකී
තීරණය ක්‍රියාත්මක කර ගැනීමට
අදාල සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේදී
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති
තීරණය කියැවීමෙන් පාඨක ඔබට බොහෝ කරුණු මේ පිළිබඳව අවබෝධ කර ගත හැකි වනු ඇත.
2012-06-27
ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.131.8400 , විකුණුම් මිල රු.135.3600 |
බි්රතාන්යය පවුම ගැනුම් මිල රු.205.7800 , විකුණුම් මිල රු.211.9800 |
යුරෝ යුරෝපය ගැනුම් මිල රු.164.0400 , විකුණුම් මිල රු.169.7100 |
ස්වීස් ප්රෑන්ක් ගැනුම් මිල රු.136.3400 , විකුණුම් මිල රු.141.6800 |
කැනඩා ඩොලරය ගැනුම් මිල රු.128.0700 , විකුණුම් මිල රු.132.8000 |
ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.131.7500 ,
විකුණුම් මිල රු.136.9900 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.102.6500 , විකුණුම් මිල රු.106.3300 |
ජපානය යෙන් ගැනුම් මිල රු.1.6531 , විකුණුම් මිල රු.1.7148 |
දියවඩන නිලමේට සිතාසි
2012 ජූනි මස 27 17:51:38 | ආර්.එස්. කීරියවත්ත
2008
ජනවාරියේ සිට 2011
දෙසැම්බර් 31
වැනි දා දක්වා හය මාසයකට වරක් මහනුවර දළදා මාළිගාවේ ගිණුම් වාර්තා බෞද්ධ කටයුතු කොමසාරිස්ට නොයැවීයැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලට අධිකරණයේ පෙනී සිටින ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා සිතාසි නිකුත් කෙළේය.
ගනේගොඩ හා ඇම්බැක්කේ, කතරගම දේවාලවල හිටපු බස්නායක නිලමේ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක විසින් ගොනු කැරුණු පෙත්සම් හතරකින් පසුව උසාවිය එම පියවර ගත්තේය.
උපුටා ගැනීම ලංකාදීප පුවත් පත-අන්තර්ජාල සංස්කරණය.

සුරකිමු සිරි දළදා සංවිධානයේ චෝදනාව සත්‍ය බවතහවුරු වේ, දියවඩන නිළමේ සහ බෞද්ධ කටයුතුකොමසාරිස් අධිකරණය නොමග යවා ඇත.2012/05/10NEW
- විශේෂ දැනුවත් කිරීමක්
- සුරකිමු සිරි දළදා සංවිධානයේ පැහැදිලි කිරිමක් 2012/02/29
- 2012/02/26 ඉරිදා ලීඩර් පත්‍රයේ "Nilanga Dela Under Fire"
- 2012/02/12ඉරිදා ලීඩර් පත්‍රයේ පලවූ දෑලගේ චෝදනා.
- දෑලගේ නඩුවට පාර්ශවයක් ලෙස ඉදිරිපත් වීමට සුරකිමු සිරි දළදා ව්‍යාපාරයට අවසර 2012/02/09
2012/02/09
නීලංග දෑල මහතා විසින් මහනුවර දිසා අධිකරණයේ
මාලිගාවේ අයවැය ඉදිරිපත් නිකිරීමේ වරදට සහනයක්
ඉල්ලමින් තමන් විසින් පැවරූ නඩුවේ පාර්ශවයක් ලෙස ඉදිරිපත් වීමට අවසර ඉල්ලූ සුරකිමු සිරි දළදා ව්‍යාපාරයේ සභාපති
සුදන්ත සේනානායක මහතාගේ ඉල්ලීම විනිසුරු තුමා පිලිගත් අතර විරෝධතා ඇතොත් මේ මස
23
වැනිදාට ඉදිරිපත් කරන ලෙස නීලංග වෙනුවෙන්
පෙනීසිටි ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා වෙත දන්වමින් නඩු විභාගය පෙබරවාරි මස
23
දිනට කල් තැබීය.
එදිනම මහනුවර මහාධිකරණයේ විභාගයට ගත්, මීට පෙර සුදන්ත සේනානායක මහතා විසින් මාලිගාවේ අයවැය ඉදිරිපත් නොකිරීමට එරෙහිව කල පැමිනිපැමිණිල්ලට, පෙර නඩු වාරයේ නීලංග දෑල
තිලක් මාරපන මහතා මගින් පෙනීසිටිමින් විරෝධතා දැක්වීය එහිදී ඔවුන් ප්‍රකාශ
කර සිටියේ වසර කිහිපයකම අය වැය ඉදිරිපත් නොකර ඇති බැවින් පැමිණිල්ලේ නිශ්චිතව වසර
සඳහන් නොකිරීම නිසා චෝදනාව නිශ්චිත නොවන බවයි, මෙදින පැමිනිල්ලේ ලිඛිත දේශනය ඉදිරිපත් කල නීතීඥ චන්න ගලප්පත්තිගේ මහතා කියා සිටියේ චූදිත සිතාසි ලැබීමට පෙරම අධිකරණයට පැමිණ තම චෝදනාව
පිළිබඳ විරෝධතාව දැක්වීමෙහි පදනම තමා කල වරද තමා විසින් ම පිලිගත් බව සපඨ කිරීමක්
වැනි බවයි
.
තව දුරටත් ඒ මහතා
අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ තමුනට අදාල චෝදනාව කියවාදීමට ප්‍රථම එකී
චෝදනාවේ දෝෂ පෙන්වීම, කෑමට පෙර ආහාරයක ලුනු ඇඹුල් කීවාක් මෙන් බවත්
, මෙවන් පැමිණිල්ලක් ආදායම් බදු නොගෙවීම,
සේවක අර්ථසාධක මුදල් නොගෙවීම වැනි චෝදනාවකට සමාන බවත්
එවන් වරදකදී චේතනාව සම්පාදනය වීම වරද සම්පූර්ණවීම සඳහා බල නොපාන බවත් වැඩිදුරටත්
දැන්වීය
- නීලංග දෑල අධිකරණයේ තම වරද පිලිගනී-2012/01/30
- ඔඩෙල් ආයතනයෙන් විකිනීමට තබා තිබු ටීෂටය. 2011/12
- නෝ ලිමිට්ස් ආයතනය ලිමිට්කල පොහොය දිනය. 2012/01
- ශ්‍රී දළදා මාලිගාවේ අයවැය මෙතෙක් ඉදිරිපත් නොකිරීමට එරෙහිව මහනුවර අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කෙරේ. 2012$01$16
- මේ පිලිබඳ බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාගෙන් ගුවන් විදුලි සේවයකින් සජීවීව විමසීමේදී , අදාල ගිනුම් ඉදිරිපත් නොකිරීමට එරෙහිව මීට මාස තුනකට පෙර පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිලිබඳ පරීක්ෂණයක් සිදුකර ඇති බවත් එහි ප්‍රථිඵල ලබන සතියක ඉදිරිපත් කරන බවත් පැවසීය. මේය අසත්‍යක් ය, (කරුනු ඉදිරියේදී)
- හොරාගේ අම්මාගෙන් පේන ඇසීම සහ හොරාගේ අම්මා හොරාගෙන් පේන ඇසීම 2012/01/23
මලිගාවේ දියවඩන නිළමේ කර
ඈති
දුෂණ
වලට
අදාල චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පර්රික්ෂණයක්
කරන
ලෙස
බෞද්ධ
කටයුතු
කොමසාරිස්
වරයා
වෙත 2011/06/26 මාසයේදී
කරන
ලද
පැමිණිල්ලකට අනුව
ඔහුගේ
පිලිතුරු
ලිපියක් 2012/01/20 දින
අප
වෙත
ලැබීඇත. මෙම අරුම
පුදුම්
ලිපිය
ලියාපදිංචි
තැපෑලෙන්
පැමිණි
මුත්
එවන්නාගේ
ලිපිනය
ලිපි
කවරයේ
වම්
පස
මුද්‍රණය වී
නොමැත, එපමනක් නොව බෞධ
කටයුතු
කොමසාරිස්
වරයා මෙම ලිපියට අත්සන යොදන විට
නිළ
මුද්‍රාව යෙදීමටද
අමතකවී
ඇත, මෙහි
උත්සාහය
වන්නේ
මාලිගාවේ
අය
වැය
ඉදිරිපත්
නොකිරීමට
එරෙහිව අප
මහනුවර
අධිකරණයට
ගොනුකර
ඈති පැමිණිල්ල තහවුරු කිරීමේ සාක්ෂියක් ලෙස මෙම
ලිපිය
යොදාගැනීමෙන් වලක්වාලීමයි (“අයවැය ඉදිරිපත් කිරීම අතපසුවී ඇති බව
දියවඩන
නිළමේ
වරයා
පිලිගනියි” ලෙස මෙම
ලිපියේ කොමසාරිස් තහවුරු කර
ඇත) තවද තමන් නිදොස්වී ඇතැයි පුළුල්
මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීමට දුෂිත නීලංගට මෙම
ලිපිය
අවස්ථාවක්
ලබා
දීමයි, නමුත්
මෙය
වතුර
රත්වනතුරු
නටන
කකුළුවා
වැනිය, මෙවැනි
තුට්ටු
දෙකේ
ක්රමෝපායන් වලින් දූෂිතයින්ට නිදොස්බව රටට
කියාපෑමට
අවස්ථාවක්
ලබා
දුන් මෙම බෞද්ධ
කටයුතු
කොමසාරිස්වරයා හට
දියවඩන
ණිළමේ
වරයා
ගැන
සත්ව කරුණාව
පහල
වීමට
හේතු අප මෙහිදි
ඉදිරිපත්
නොකරනුයේ
මෙම
ලිපියේ
අරමුන
එය
නොවන
බෑවිනි.( බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවටත් රජයටත් මෙම නිළධාරියා
කර
ඈති
අපකිර්තිය
ද එතුමාගේ අලගිය මුලගිය තැන් පිලිබද අපහට ලැබී ඇති තොරතුරුත්
මෙහිදි
සදහන්
නොකරනුයේ අප කටයුතු
කල
යුතුව
ඇත්තේ
පවතින
නීති
රාමුව
තුල බැවිනි).
හොරාගේ
අම්මා
ගෙන්
පේන
අසන්නා
සේ
පනතට
අනුව පුරවැසියෙකුට මෙවැනි කරුනක් සම්බන්ධව පැමිණිලි කල
යුතු
බලධාරියා
බෞද්ධ
කටයුතු
කොමසාරිස්
වරයා
ය, ඒ අනුව
අප
විසින්
කල
පැමිණිල්ල විභාග කරන විට
අවම
වශයෙන්
මෙසේ
චෝදනා
කරන්නේ
ඈයි
? එහි
පදනම
කුමක්
ද්?, සාක්ෂි කවරේද යන්න පැමිණිලි කල අයගෙන්
නො
විමසා, හොරාගේ අම්මා හොරාගෙන් පේන අසන්නා
සේ, බෞද්ධ කටයුතු කොමසාරිස්
වරයා
ණීලංග
දෑල
ගෙන්
පමනක්
මෙය
විමසු
බව
පිලිතුරු
ලිපියේ
සදහන් කරයි, නමුත්
මේ
පිළිබද
අපට
කීමට හැක්කේ, කොමසාරිස්වරයාට
ට
තම
අභිමතය
භාවිත
කිරිමට
බලය
දී
ඈත්තේ
දූෂිතයින්
රෑකීමට
නොව
ජනතාව
රෑකිමට
බවයි.
කොමසාරිස්ගේ
මෙම
මුග්ධ
පරීක්ෂණය්ට
අප
විරෝධය
දක්වන
අතර, මෙය කියවන
පාඨකයින්ට
අප
දන්වා සිටිනුයේ පෑමිණිලි පාර්ශවය තම චෝදනා
සනාථ
කිරීමට
සාක්ෂි
ඉදිරිපත්
කරමින් පරීකෂණයට ඉදිරිපත් වීමට කෑමෑත්ත දන්වා තිබියදී කොමසාරිස්වරයා ඒකපාර්ශවික විමර්ෂණයක්
කර
ඈත්තේ
ඈයිදෑයි
සිතා
බලන
ලෙසයි.
අවසන්
වශයෙන්
බෞද්ධ
කටයුතු
කොමසාරිස්
වරයාට
දන්වා
සිටින්නේ, රජයේ නිළධරයෙකු ලෙස
තම
රාජකාරිය පැහැර හැරීම මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණයට හේතු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ
දැක්වීම සඳහා
සූදානම්
වන
ලෙසත්, විහාර-දේවාල
ඉඩම්
වල
රාජකාරි අතුරුදහන් කරන නවතම
ක්‍රමවේදය සොයාගනිමින් දළදා
මාලිගාව
සතු දේපල ඉඩම්
කොටස්
කර
විකුනන
ආයතන
වලට විකිනීමට අවසර ලබාදීමෙන් වසර දහස්
ගනනක්
රැකි
ශ්‍රී දළදා
මාලිගාවේ
අයිතීන්
විනාශ
කිරීමේ
සොයාගෑනීම සඳහා පේටන්ට් බලපත්‍රය ලබා
ගන්නා
ලෙසත්
ය.
අපේ ආගම විනාශ කරන බල්ලෝ තමයි මේ වගේ වෙබ් සයිට් කරන්නේ.... ඔච්චරම කොන්ද පණ තියෙනවානම් ගහපල්ලකො හම්බයන්ගේ බෙල්ල ගැලවෙන්න... තොපිත් හම්බයෝ තමයි... ඒකනේ දළදා මාළිගාවට මේ වගේ බොරු කථා ගොතන්නේ... මාත් නුවර මනුස්සයෙක් තමයි.. උඹලා වගේ රට වටින් ඇවිල්ලා මේ වගේ වෙබ් සයිට් හදන එවුන් මරලා දානවා අහුවුනොත්....
ReplyDeleteවිහාර අස්න නම් රජ මහා විහාර ලැයිස්තුවට අනුව දළදා මැදුර පන්සලකි. පුරා වස්තුවක් නොවේ. ඒ නිසා, විදේශිකයෙකුගෙන් වුවද පන්සලකට ඇතුළු වීමට මුදල් අය කිරීම නිවැරදිදැයි සිතා බැලිය යුතුය. මාලිගාව තුල ඇති කෞතුකාගාර වලට ඇතුළු විමට මුදල් අය කිරීමේ වරදක් නැත. නමුත් තායිලන්තය වැනි රට වලින් එන බෞද්ධයන් මාලිගාවට එන්නේ දළදා හාමුදුරුවන් වැඳ පුදා ගැනීමට මිස පුරාවස්තුවක් දැක බලා ගැනීමට නොවේ.
ReplyDeleteදළදා මැදුර අසල වලාකුළු බැම්ම අසල ඇති ආරක්ෂක පරීක්ෂාව ශ්‍රී ලාංකිකයන්ට පමණි. විදේශිකයන්ව කෙලින්ම ටිකට් කවුන්ටරයට යොමු කෙරේ. නමුත් එසේ කරන්නේ ඒ අසල සිටින ආරක්ශක නිලධාරියෙක් විසින් ඔවුන්ගේ "පෙනුම" බලාය.
එම ආරක්ශක පරීක්ෂණ කුටිය, සෙරෙප්පු බලා ගන්නා ස්ථානය සහ විදේශික ටිකට් කුටිය සාදා ඇත්තේ ඓතිහාසික වලාකුළු බැම්ම මතය.
දළදා කෞතුකාගාරයේ ඡායාරූප ගැනීම තහනම්ය. එක් තට්ටුවක ලියා ඇත්තේ වීඩියෝ කිරීම පමණක් තහනම් කියා වුවද ඡායාරූප ගැනීමට ඉඩක් නැත. ලොව පුරා ඇති අනිත් රටවල ඇතී කීර්තිමත් අතීතය සුවහසක් නරඹන්නන් පිංතූරයට නගා අන්තර්ජාලය ඔස්සේ ලොවට ගෙනහැර පාද්දී, අපේ අතීතය කෞතුකාගාරය තුල සැඟවී හෝ "නිල" අඩවිය ඔස්සේ පමණක් සීමා සහිතව ලොවට එලිවේ. මෙයට හේතුව ලෙස සේවක මහතෙක් වරක් පැවසුවේ එවිට කෞතුකාගාරයේ "අගය අඩු වන" බවය. නමුත් ඇත්තෙන්ම සිදු වන්නේ, නැවත නැවත දකින අයිපල් කුළුණ, ගෝල්ඩන් ගේට් පාලම, මොනා ලිසා පින්තූරය වැනි දේ අපේ හිතේ ඇඳී ඇති නිසා, ඒවා සියැසින් දැක බලා ගැනීමේ ආසාව තවත් වැඩිවීම නොවේද?