සුරකිමු සිරි දළදා සංවිධානයේ පැහැදිලි කිරිමක්


සුරකිමු සිරි දළදා සංවිධානයේ පැහැදිලි කිරිමක්
ශ්‍රී දළදා මාළිගාව සුරැකීම සඳහා සියළු බෞද්ධයින්ට අයිතියක් ඇති බව අප විශ්වාස කරන්නෙමු, සුරකිමු සිරි දළදා ව්‍යාපාරය පිහිටුවීමේදී එහි මූලික පරමාර්ථ වල " ලෝකවාසී සියළු බෞද්ධයින්ට මේ සමග සෘජුව සම්භන්ධව කටයුතු කල හැකිය "  ලෙස දක්වා ඇත්තේ එබැවිනි. එනිසාම සංවිධානය පිහිටුවීමේදී විවෘත ආරාධනාවක් කලෙමු, එහිදී විවිධ දේශපාලන මත හා විවිධ අදහස් ඇති අය අතර දළදා මාලිගාවට හා එහි දේපල වලට හානිකරන අයගේ චරපුරුෂයින්ද සහභාගී වී ඇති බව පසුව අපට අවබෝධ වීය.
 විවිධ දේශපාලන හා සමාජීය මත දරන්නන් හට ඔවුනොවුන්ගේ මතය දැරීමේ අයිතිය අප පිලිගන්නා මුත්, තමන්ගේ මත සංවිධානයේ මතය ලෙස පිළිබිඹු කිරීමට හෝ සුරකිමු සිරි දළදා සංවිධානයේ මූලික අරමුනු වලින් වියුක්තව කටයුතු කිරීම හෝ සංවිධානය තුල හෝ බාහිරව හිදිමින් එහි යහපැවැත්මට හානි කරන්නන් ගේ හැසිරීම් මේ වන විට සංවිධානය හදුනාගෙන ඇත.
එවැනි ක්‍රියා මගින් සිදුවනුයේ සුරකිමු සිරි දළදා සංවිධානයේ මූලික අරමුනු වලට බාධා වීමයි, අවසානයේ සිදුවනුයේ දළදා මාලිගාවට හානි කරන්නන් හට ඔවුන්ගේ කටයුතු පහසු කරවීමයි, නමුත් වගකිවයුතු සංවිධානයක් ලෙස සහ විශේෂයෙන් රටේ නීතියටත් බුදු දහමටත් අනුව අප කටයුතු කල යුතුව ඇති බැවින් අපවෙත පැමිණි සියල්ලන්  ශ්‍රී දළදා මාළිගාව සුරැකීම සඳහා පැමිණි අය යන පූර්ව නිගමනයෙන් යුතුව කටයුතු කලෙමු.
ලෝක ස්වභාවයට සියළු දෙනා මුහුන දිය යුතු වන බැවින් මේ තත්වයට උපේක්ෂාවෙන් යුතුව මුහුනදීමට සංවිධානය අරමුනු කරගෙන සිටී. මන්ද අපගේ සෘජු සහ නිශ්චිත අරමුණ සාක්ෂාත් කරගත යුතු වන බැවිනි.
ඉහත පැහැදිලිකල කරුණට අදාලව සිදුවූ සිදුවීමක තොරතුරු කිහිපයක් පහතින් දක්වා සිටින්නෙමු.

අපගේ ලිපියට ප්‍රථිචාර දක්වමින් 2012 මාර්තු 2 වැනි සිකුරාදා ලංකාදීප පත්‍රයේ පහත නිවැරිදි කිරීම පල කරන ලදී
 contact us 0094713169389

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.