හොරාගේ අම්මාගෙන් පේන ඇසීම සහ හොරාගේ අම්මා හොරාගෙන් පේන ඇසීම
මලිගාවේ දියවඩන නිළමේ
කර ඈති දුෂණ
වලට අදාල චෝදනා කිහිපයක්
සම්බන්ධයෙන් පර්‍රික්ෂණයක් කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා වෙත 2011/06/26 මාසයේදී කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුගේ
පිලිතුරු ලිපියක් 2012/01/20 දින අප වෙත ලැබීඇත. මෙම අරුම පුදුම් ලිපිය ලියාපදිංචි තැපෑලෙන් පැමිණි මුත් එවන්නාගේ ලිපිනය
ලිපි කවරයේ වම් පස මුද්‍රණය වී නොමැත, එපමනක් නොව බෞධ කටයුතු කොමසාරිස් වරයා
මෙම ලිපියට අත්සන යොදන විට නිළ මුද්‍රාව යෙදීමටද අමතකවී ඇත, මෙහි උත්සාහය වන්නේ මාලිගාවේ අය වැය
ඉදිරිපත් නොකිරීමට එරෙහිව අප මහනුවර
අධිකරණයට ගොනුකර ඈති පැමිණිල්ල තහවුරු කිරීමේ සාක්ෂියක් ලෙස මෙම ලිපිය
යොදාගැනීමෙන් වලක්වාලීමයි (“අයවැය
ඉදිරිපත් කිරීම අතපසුවී ඇති බව දියවඩන නිළමේ වරයා පිලිගනියි” ලෙස මෙම ලිපියේ කොමසාරිස් තහවුරු කර ඇත) තවද තමන් නිදොස්වී ඇතැයි පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීමට දුෂිත නීලංගට මෙම ලිපිය අවස්ථාවක් ලබා දීමයි, නමුත් මෙය වතුර රත්වනතුරු නටන කකුළුවා වැනිය, මෙවැනි තුට්ටු දෙකේ ක්‍රමෝපායන් වලින් දූෂිතයින්ට
නිදොස්බව රටට කියාපෑමට අවස්ථාවක් ලබා දුන් මෙම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හට දියවඩන ණිළමේ වරයා ගැන සත්ව කරුණාව පහල වීමට හේතු අප මෙහිදි ඉදිරිපත් නොකරනුයේ මෙම ලිපියේ අරමුන එය නොවන බෑවිනි.( බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවටත් රජයටත් මෙම නිළධාරියා කර
ඈති අපකිර්තිය ද එතුමාගේ අලගිය
මුලගිය තැන් පිලිබද අපහට ලැබී ඇති තොරතුරුත් මෙහිදි සදහන්
නොකරනුයේ අප කටයුතු කල යුතුව ඇත්තේ
පවතින නීති රාමුව තුල බැවිනි).
හොරාගේ අම්මා ගෙන් පේන අසන්නා සේ පනතට අනුව පුරවැසියෙකුට මෙවැනි කරුනක් සම්බන්ධව පැමිණිලි කල යුතු බලධාරියා
බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා ය, ඒ අනුව අප විසින් කල පැමිණිල්ල විභාග
කරන විට අවම වශයෙන් මෙසේ චෝදනා කරන්නේ ඈයි ? එහි පදනම කුමක් ද්?, සාක්ෂි කවරේද යන්න
පැමිණිලි කල අයගෙන් නො විමසා, හොරාගේ අම්මා හොරාගෙන් පේන අසන්නා
සේ, බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා ණීලංග දෑල ගෙන් පමනක් මෙය විමසු බව පිලිතුරු ලිපියේ
සදහන් කරයි, නමුත් මේ පිළිබද අපට කීමට හැක්කේ, කොමසාරිස්වරයාට ට තම අභිමතය භාවිත කිරිමට බලය දී ඈත්තේ දූෂිතයින් රෑකීමට නොව
ජනතාව රෑකිමට බවයි.
කොමසාරිස්ගේ මෙම මුග්ධ පරීක්ෂණය්ට අප විරෝධය දක්වන අතර, මෙය
කියවන පාඨකයින්ට අප දන්වා සිටිනුයේ පෑමිණිලි පාර්ශවය තම චෝදනා සනාථ කිරීමට සාක්ෂි ඉදිරිපත්
කරමින් පරීකෂණයට ඉදිරිපත් වීමට කෑමෑත්ත දන්වා තිබියදී කොමසාරිස්වරයා ඒකපාර්ශවික විමර්ෂණයක්
කර ඈත්තේ ඈයිදෑයි සිතා බලන ලෙසයි.
අවසන් වශයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාට දන්වා සිටින්නේ,
රජයේ නිළධරයෙකු ලෙස තම රාජකාරිය පැහැර
හැරීම මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණයට හේතු ශ්‍රේෂ්ඨාධිකරණය
ඉදිරියේ දැක්වීම සඳහා සූදානම් වන ලෙසත්, විහාර-දේවාල ඉඩම් වල රාජකාරි අතුරුදහන්
කරන නවතම ක්‍රමවේදය සොයාගනිමින් දළදා මාලිගාව සතු දේපල
ඉඩම් කොටස් කර විකුනන ආයතන වලට විකිනීමට අවසර ලබාදීමෙන්
වසර දහස් ගනනක් රැකි ශ්‍රී දළදා මාලිගාවේ අයිතීන් විනාශ කිරීමේ සොයාගෑනීම සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලෙසත් ය.
- මුල් පිටුව
- නීලංග දෑල ගේ දූෂණ ලෑයිස්තුව
- දුෂණ වලට අදාල සාක්ෂි
- දෑනට ගෙන ඈති ක්‍රියා මාර්ග
- දළදා මාලිගාව රැකගැනීමට නම්
- ඔබගේ සහය ලබාදෙන්නේ කෙසේ ද?
- අපව අමතන්න
- සිරි දළදා වත
- අළුත් තොරතුරු
- සංවිධානය බිහිවීමේ පදනම
- ඔඩෙල් ටීෂටය
- නෝ ලිමිට්ස් විසින් ලිමිට් කල පොහොය දිනය
- හොරාගේ අම්මාගෙන් පේන ඇසීම
- නීලංග දෑල අධිකරණයේ තම වරද පිලිගනී
- අලි සොරකම්
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.